සියලුම ඉස්ලාම් පුස්තකාලය

93 - The Morning Hours - Ađ-Đuĥaá

:1

පෙරවරු ව මත දිවුරා (පවසමි) .

:2

තවද රාත්‍රිය (දහවල) ආවරණය කරන විට, ඒ මත දිවුරමින් (පවසමි).

:3

නුඹගේ පරමාධිපති නුඹ ව අතහැර දැමුවේ නැත. එමෙන්ම ඔහු අමනාප වූයේ ද නැත.

:4

සැබැවින්ම, ආරම්භයට වඩා අවසානය නුඹට වඩාත් යහපත් ය.

:5

තවද නුඹගේ පරමාධිපති නුඹට මතුවට පිරිනමනු ඇත. එවිට නුඹ තෘප්තියට පත් වනු ඇත.

:6

ඔහු නුඹ ව අනාථයෙකු ලෙස දැක නුඹට රැකවරණය නොදුන්නේද?

:7

තවද නුඹ ව අතරමං වූවෙකු ලෙස දුටුවේය. එවිට ඔහු මඟ පෙන්වූයේය.

:8

තවද ඔහු නුඹ ව අවශ්‍යතාව ඇත්තෙකු ලෙස දුටුවේය. එවිට ඔහු ස්වයංපෝෂිත කළේය.

:9

එහෙයින් අනාථයාට කටුක ලෙස නොසළකනු.

:10

තවද අයදින්නා ව පලවා නොහරිනු.

:11

තවද නුඹගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් ගැන නුඹ ප්‍රකාශ කරනු.