1 - The Opener - Al-Fātiĥah
:1
අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වූ අල්ලාහ් ගේ නාමයෙනි.
:2
සියලු ප්‍රශංසා ලෝකයන් හි පරමාධිපති වූ අල්ලාහ්ට ම ය.
:3
අපරිමිත දයාන්විතය අසමසම කරුණාන්විත ය.
:4
විනිශ්චය දිනයේ රජු ය.
:5
ඔබට ම අපි නමදිමු. ඔබගෙන් ම අපි උදව් පතමු.
:6
අපට ඍජු මඟ පෙන්වනු මැනව.
:7
ඔබ කවරෙකු ට ආශිර්වාද කළේ ද එම මාර්ගයයි. තමන් කෙරෙහි කෝපය ට ලක් වූවන් හෝ මුළාවූවන් ගේ මාර්ගය නොව.