114 - Mankind - An-Nās
1
(නබි මුහම්මද්) නුඹ පවසනු. මිනිසුන්ගේ පරමාධිපති වෙතින් මම ආරක්ෂාව පතමි.
2
(ඔහු) මිනිසුන්ගේ රජු (වේ).
3
(ඔහු) මිනිසුන්ගේ දෙවියා (ද වේ).
4
(නපුරු) කිලිටි කුකුස් ඇතිකරන්නාගේ හානියෙන් (ඔහුගෙන් ආරක්ෂාව පතමි.)
5
ඔහු මිනිසුන්ගේ සිත් තුළ කුතුහලයන් ඇති කරයි.
6
(මෙවන්නන්) ජින්නුන් හා මිනිසුන් අතරද සිටිති.