114 - Mankind - An-Nās
:1
(නබි මුහම්මද්) නුඹ පවසනු. මිනිසුන්ගේ පරමාධිපති වෙතින් මම ආරක්ෂාව පතමි.
:2
(ඔහු) මිනිසුන්ගේ රජු (වේ).
:3
(ඔහු) මිනිසුන්ගේ දෙවියා (ද වේ).
:4
(නපුරු) කිලිටි කුකුස් ඇතිකරන්නාගේ හානියෙන් (ඔහුගෙන් ආරක්ෂාව පතමි.)
:5
ඔහු මිනිසුන්ගේ සිත් තුළ කුතුහලයන් ඇති කරයි.
:6
(මෙවන්නන්) ජින්නුන් හා මිනිසුන් අතරද සිටිති.