සියලුම ඉස්ලාම් පුස්තකාලය

113 - The Daybreak - Al-Falaq

1

(නබි මුහම්මද්) නුඹ පවසනු. අරුණෝදයේ පරමාධිපති වෙතින් මම ආරක්ෂාව පතමි.

2

ඔහු මැවූ දෑහි හානියෙන් ද,

3

තවද අඳුර විහිදුණු විට එහි හානියෙන් ද,

4

තවද ගැට මත පිඹින්නියන්ගේ හානියෙන් ද,

5

ඊර්ෂ්‍යා කරන්නා ඊර්ෂ්‍යා කළ විට එහි හානියෙන් ද (ආරක්ෂාව පතමි.)