සියලුම ඉස්ලාම් පුස්තකාලය

92 - The Night - Al-Layl

:1

රාත්‍රිය ආවරණය වන විට ඒ මත දිවුරමින්,

:2

දහවල (දීප්තිය) හෙළි වන විට ඒ මත ද,

:3

පිරිමියා හා ගැහැනිය මැවූ ඔහු මත ද දිවුරමින්,

:4

නියත වශයෙන්ම නුඹලාගේ උත්සාහයන් විවිධය.

:5

එහෙයින් පරිත්‍යාග කර, බිය බැතිමත් වී,

:6

යහපත ගෙන සාක්ෂාත් කළ කෙනෙකු වූ කලී,

:7

අපි ඔහුට පහසුව වෙතට පහසු කරන්නෙමු.

:8

තවද මසුරු වී, තමන් අවශ්‍යතාවන්ගෙන් තොර (ස්වයං පූරිත) යැයි සිතා,

:9

විශිෂ්ට දේ අසත්‍යය කළ කෙනෙකු වූ කලී,

:10

අපි ඔහු ව දුෂ්කරතාව වෙතට පහසු කරන්නෙමු.

:11

තවද ඔහු (නිරයට) ඇද වැටුණු විට ඔහුගේ ධනය ඔහුට ප්‍රයෝජනය ගෙන දෙන්නේ නැත.

:12

නියත වශයෙන්ම යහමඟ ඇත්තේ අප වෙතය.

:13

තවද නියත වශයෙන්ම එලොව හා මෙලොව ඇත්තේ අපහට ය.

:14

එහෙයින් මම නුඹලාට ඇවිළෙන ගින්න පිළිබඳ ව අනතුරු අඟවමි.

:15

අභාග්‍යවන්තයා හැර වෙන කිසිවෙක් එහි පිවිස දැවෙන්නේ නැත.

:16

ඔහු (අපගේ දේව වදන්) අසත්‍ය කර පිටුපෑවේය.

:17

තවද බිය බැතිමත් අය ව සැබැවින්ම අපි මුදවා ගන්නෙමු.

:18

(ඔවුහු කව්රුන්ද යත්) තමන් පිවිතුරු වෙමින් තම ධනය ( අල්ලාහ් උදෙසා) පිරිනමා පිවිතුරු වෙති.

:19

තමා අසල තිබී පිරිනමනු ලැබූ කිසිදු සම්පතක් (වෙන) කිසිවෙකු වෙනුවෙන් නොවීය.

:20

උත්තරීතර තම පරමාධිපතිගේ මුහුණට (තෘප්තිය අපේක්ෂාවෙන්) මිස.

:21

තවද ඔහු මතු තෘප්තියට පත් වනු ඇත.