සියලුම ඉස්ලාම් පුස්තකාලය

91 - The Sun - Ash-Shams

1

හිරු හා එහි ප්‍රභාව මත දිවුරමින්.

2

එය පසුපසින් හඹා යන සඳු මත ද,

3

දහවල එය ඔප් නංවන විට එය මත ද,

4

රාත්‍රිය එය ආවරණය කරන විට එය මත ද,

5

අහස හා එය ගොඩ නැගූ දෑ මත ද,

6

පොළොව හා එය ව්‍යාප්ත කළ දෑ මත ද,

7

ආත්මය හා එය සැකසූ දෑ මත ද දිවුරමින්,

8

ඔහු එ(ම ආත්ම)යට එහි නපුර ගැනද, එහි ධාර්මිකතාව ගැනද හැඟීම ඇති කළේය.

9

සැබැවින්ම කවරෙක් එ(ම ආත්ම)ය පවිත්‍ර කර ගත්තේ ද ඔහු ජය ලැබීය.

10

තවද සැබැවින්ම කවරෙක් එය පාපයෙහි ගිල් වූයේ ද ඔහු පරාජයට පත් විය.

11

සමූද් ජනයා තම සීමා ඉක්මවා අපරාධ කරමින් (එය) බොරු යැයි පැවසුවෝය.

12

ඔවුන්ගේ අභාග්‍යවන්තයා නැගී සිටි විට,

13

මෙය අල්ලාහ්ගේ ඔටු දෙනය. (මෙයට හිංසා නොකරනු) යැයි ද උගේ පැන් ස්ථානය (පැන් බීමෙන් නොවළක්වන්න) යැයි” ද අල්ලාහ්ගේ දූතයා පැවසුවේය.

14

එවිට ඔවුහු ඔහු ව බොරු කළෝය. පසුව උගේ නහර කපා දැමුවෝය. එබැවින් ඔවුන්ගේ පරමාධිපති ඔවුන්ගේ පාපය හේතුවෙන් ඔවුන් මත වේදනාව පහළ කර සුනු විසුනු කළේය. එමෙන්ම ඔවුන් ව සමතලා කර දැමුවේය.

15

තවද ඔවුන්ගේ අවසානය ගැන ඔහු බියවන්නේ නැත.