සියලුම ඉස්ලාම් පුස්තකාලය

91 - The Sun - Ash-Shams

:1

හිරු හා එහි ප්‍රභාව මත දිවුරමින්.

:2

එය පසුපසින් හඹා යන සඳු මත ද,

:3

දහවල එය ඔප් නංවන විට එය මත ද,

:4

රාත්‍රිය එය ආවරණය කරන විට එය මත ද,

:5

අහස හා එය ගොඩ නැගූ දෑ මත ද,

:6

පොළොව හා එය ව්‍යාප්ත කළ දෑ මත ද,

:7

ආත්මය හා එය සැකසූ දෑ මත ද දිවුරමින්,

:8

ඔහු එ(ම ආත්ම)යට එහි නපුර ගැනද, එහි ධාර්මිකතාව ගැනද හැඟීම ඇති කළේය.

:9

සැබැවින්ම කවරෙක් එ(ම ආත්ම)ය පවිත්‍ර කර ගත්තේ ද ඔහු ජය ලැබීය.

:10

තවද සැබැවින්ම කවරෙක් එය පාපයෙහි ගිල් වූයේ ද ඔහු පරාජයට පත් විය.

:11

සමූද් ජනයා තම සීමා ඉක්මවා අපරාධ කරමින් (එය) බොරු යැයි පැවසුවෝය.

:12

ඔවුන්ගේ අභාග්‍යවන්තයා නැගී සිටි විට,

:13

මෙය අල්ලාහ්ගේ ඔටු දෙනය. (මෙයට හිංසා නොකරනු) යැයි ද උගේ පැන් ස්ථානය (පැන් බීමෙන් නොවළක්වන්න) යැයි” ද අල්ලාහ්ගේ දූතයා පැවසුවේය.

:14

එවිට ඔවුහු ඔහු ව බොරු කළෝය. පසුව උගේ නහර කපා දැමුවෝය. එබැවින් ඔවුන්ගේ පරමාධිපති ඔවුන්ගේ පාපය හේතුවෙන් ඔවුන් මත වේදනාව පහළ කර සුනු විසුනු කළේය. එමෙන්ම ඔවුන් ව සමතලා කර දැමුවේය.

:15

තවද ඔවුන්ගේ අවසානය ගැන ඔහු බියවන්නේ නැත.