සියලුම ඉස්ලාම් පුස්තකාලය

90 - The City - Al-Balad

:1

මෙම නගරය (මක්කාහ් ව) මත ද දිවුරමි.

:2

නුඹ මෙම නගරයේ රැඳී සිටිය දී,

:3

පියා හා ඔහු ජනිත කළ දෑ මත ද දිවුරමි.

:4

සැබැවින්ම අපි මිනිසා ව දැඩි දුෂ්කරතාවක මැව්වෙමු.

:5

ඔහු කෙරෙහි කිසිවෙකු බලය නොදරනු ඇතැයි ඔහු සිතන්නේ ද?

:6

මම අධික වශයෙන් ධනය නාස්ති කළෙමි යැයි ඔහු පවසයි.

:7

ඔහු ව කිසිවෙක් නොදුටුවේ යැයි ඔහු සිතන්නේ ද?

:8

අපි ඔහුට ඇස් දෙක ඇති නොකළෙමු ද?

:9

දිව ද දෙතොල් ද (ඇති නොකළෙමු ද?)

:10

තවද අපි ඔහුට (හොඳ නරක යන) මාවත් දෙක වෙත මඟ පෙන්වූයෙමු.

:11

එනමුත් ඔහු අකබා ව තරණය කිරීමට වෑයම් නොකළේය.

:12

අකබා ව යනු කුමක්දැයි නුඹ ව දැනුවත් කළේ කුමක්ද?

:13

(එය) වහලෙකු නිදහස් කිරීම හෝ,

:14

සාගින්නෙන් යුත් දිනක ආහාර සැපයීම වේ.

:15

සමීපකම් ඇති අනාථ ඥාතියෙකුට හෝ (ආහාර සැපයීම වේ).

:16

අසරණ වූ දුගියෙකුට (ආහාර සැපයීම වේ.)

:17

පසු ව ඔහු විශ්වාස කර ඉවසීම පිළිබඳ එකිනෙකාට උපදෙස් දෙමින් කරුණා දයාව පිළිබඳව ද එකිනෙකාට උපදෙස් දුන් අය අතුරින් කෙනෙකු බවට පත් වේ.

:18

ඔවුහුමය දකුණත පාර්ශවයින් වන්නෝ.

:19

තවද අපගේ වදන් ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුහුමය වමත් පාර්ශවයින් වන්නෝ.

:20

ඔවුන්හට මොළවන ලද (නිරයේ) ගින්න ඇත.