සියලුම ඉස්ලාම් පුස්තකාලය

88 - The Overwhelming - Al-Ghāshiyah

:1

(විනාශය) ආවරණය කරන සිද්ධිය පිළිබඳ පුවත නුඹ වෙත පැමිණියේද?

:2

එදින (ඇතැම් අයගේ) මුහුණු යටහත් පහත් ව,

:3

වෙහෙස ව විඩාවට පත් ව තිබේ.

:4

ඇවිළෙන ගින්නට ඒවා(එම මුහුණු) පිවිසෙයි.

:5

(ඔවුන්) උණු දිය උල්පතින් පොවනු ලබයි.

:6

ඔවුනට කටු සහිත ශාක මිස වෙනත් කිසිවක් නොමැත.

:7

එය (ඔවුන් ව) පුෂ්ටිමත් නොකරයි. තවද කුසගින්න (නිවන්න)ට උපාකර නොවෙයි.

:8

(ඇතැම්) මුහුණු සතුටින් පිරී තිබේ.

:9

ඒවායෙහි ශ්‍රමයන් පිළිබඳ ව තෘප්තියට පත් ව,

:10

උසස් ස්වර්ග උයන්හි (සතුටින් සිටිති.)

:11

එහි පුහු වදන් ශ්‍රවණය නොකරති.

:12

එහි ගලා යන උල්පත් ද,

:13

එහි ගලා යන උල්පත් ද,

:14

(බීමට) තබන ලද ගුරුලේත්තු ද,

:15

වියන ලද කොට්ට ද,

:16

දිග හරින ලද බුමුතුරුණු ද ඇත.

:17

ඔටුවා දෙස එය කෙසේ මවනු ලැබුවේ දැයි ද, ඔවුහු නිරීක්ෂා කොට බැලිය යුතු නොවේද?

:18

අහස දෙස එය කෙසේ ඔසවනු ලැබුවේ දැයි ද, (ඔවුහු නිරීක්ෂා කොට බැලිය යුතු නොවේද?)

:19

කඳු දෙස එය කෙසේ සවි කරනු ලැබුවේ දැයි ද (ඔවුහු නිරීක්ෂා කොට බැලිය යුතු නොවේද?)

:20

මහපොළොව දෙස එය කෙසේ ව්‍යාප්ත කරනු ලැබුවේ දැයි ද ඔවුහු නිරීක්ෂා කොට බැලිය යුතු නොවේද?

:21

එහෙයින් නුඹ සිහිපත් කරනු. නියත වශයෙන්ම නුඹ සිහිපත් කරන්නෙකු පමණි.

:22

නුඹ ඔවුන් කෙරෙහි බලය දරන්නෙක් නොවන්නෙහිය.

:23

කවරෙකු පිටුපාමින් ප්‍රතික්ෂේප කළේ ද ඔහු කෙරෙහි පමණක් මිස.

:24

සැබැවින්ම අල්ලාහ් (පිටුපාමින් ප්‍රතික්ෂේප කළ) ඔහුට අතිමහත් දඬුවමකින් දඬුවම් කරන්නේය.

:25

සැබැවින්ම ඔවුන්ගේ නැවත පැමිණීම අප වෙත ය.

:26

පසුව සැබැවින්ම ඔවුන් (කළ ක්‍රියාවන්) ගේ ගණනය අප මත ය.