සියලුම ඉස්ලාම් පුස්තකාලය

87 - The Most High - Al-'A`lá

:1

නුඹගේ උත්කෘෂ්ට පරමාධිපතිගේ නාමය පිවිතුරු කරනු.

:2

ඔහු (සියල්ල) මවා නිසි ලෙස සකස් කළේය.

:3

තවද ඔහු(සියල්ල) නිර්ණය කර (ඒවා ලබාගැනීමට) මඟද පෙන් වූයේය.

:4

තවද (සිව්පාවන් සඳහා) තණ බිම් පිට කළේ ඔහුය.

:5

පසු ව එය (වියැළුණු) කළු පැහැති ඉපැනලි බවට පත් කළේය.

:6

අපි ඔබට (අල්කුර්ආනය) මතුවට කියවා පෙන්වන්නෙමු. එබැවින් නුඹ එය අමතක නොකරන්නෙහිය.

:7

අල්ලාහ් අභිමත වූ දෑ හැර (අන් කිසිවක්) නුඹ අමතක නොකරන්නෙහිය. සැබැවින්ම ඔහු සැඟවුණු දෑ ද ප්‍රකට දෑ ද දන්නා ය.

:8

තවද අපි පහසු ව වෙත නුඹට පහසු කරවන්නෙමු.

:9

එබැවින් සිහිපත් කිරීම (අසන්නාට) ප්‍රයෝජනවත් වේ නම් නුඹ සිහිපත් කරනු.

:10

කවරෙකු (අල්ලාහ්ට) බිය වන්නේ ද ඔහු සිහිපත් කර ගනු ඇත.

:11

තවද අභාග්‍යවන්තයා එය වළක්වා ගන්නේය.

:12

ඔහු (නිරයේ) මහත් ගින්නට පිවිසෙයි.

:13

පසු ව ඔහු එහි මරණයට පත් නොවෙයි. ජීවත් ද නොවෙයි.

:14

සැබැවින්ම (කුර්ආනයේ උපදෙස මගින්) පිවිතුරු කර ගත් අය ජයග්‍රහණය කළේය.

:15

තවද ඔහු තම පරමාධිපතිගේ නාමය සිහිපත් කර පසු ව සලාතය ද ඉටු කළේය.

:16

නමුත් නුඹලා මෙලොව ජීවිතය තෝරා ගන්නෙහුය.

:17

(මෙලොව ජීවිතයට වඩා) මතු ලොව උතුම් ය. තවද සදා පවතින්නකි.

:18

සත්‍ය වශයෙන්ම මෙය පූර්ව ලේඛනයන්හි (සඳහන් ව) ඇත.

:19

ඉබ්‍රාහීම් හා මූසාගේ ලේඛනයන්හි (සඳහන් ව) ඇත.