සියලුම ඉස්ලාම් පුස්තකාලය

86 - The Nightcommer - Aţ-Ţāriq

:1

අහස මත ද තාරික් මත ද දිවුරමින්,

:2

තාරික් යනු කුමක් දැයි නුඹට දැනුම් දුන්නේ කුමක් ද?

:3

(එය) අඳුර පසාරු කරමින් බැබළෙන තාරකාවකි.

:4

නිරීක්ෂකයෙකුගෙන් තොර ව කිසිදු ආත්මයක් නොමැත.

:5

මිනිසා තමන් මවනු ලැබුවේ කුමකින් දැයි සිතා බලත්වා !

:6

විදින ජලයෙන් ඔහු මවනු ලැබුවේය.

:7

කොන්ද හා පපු පෙදෙස අතරින් එය පිට වේ.

:8

සැබැවින්ම ඔහු නැවත ඔහු ව ගෙන්වා ගැනීමට ශක්තිවන්තයා ය.

:9

රහස්‍ය දෑ පිරික්සනු ලබන දින,

:10

එවිට කිසිදු බලයක් හෝ කිසිදු උදව් කරුවෙකු හෝ ඔහුට නොමැත.

:11

තවද (වර්ෂාව නැවත) නැවත ලබා දෙන ස්වභාවයෙන් යුත් අහස මත ද දිවුරමින්,

:12

පැළීම් ස්වභාවයෙන් යුත් මහපොළොව මත ද දිවුරමින්,

:13

සැබැවින්ම එය තීරණාත්මක වදනකි.

:14

තවද එය සරදමක් නොවේ.

:15

සැබැවින්ම ඔවුන් කුමන්ත්‍රණයක් කුමන්ත්‍රණය කරති.

:16

මම ද සැලසුමක් සැලසුම් කරමි.

:17

එබැවින් ප්‍රතික්ෂේපකයින්ට නුඹ අවකාශය දෙනු. තවද ඔවුනට ස්වල්ප කලකට අවකාශය සලසා දෙනු.