සියලුම ඉස්ලාම් පුස්තකාලය

85 - The Mansions of the Stars - Al-Burūj

:1

ග්‍රහ මණ්ඩලයන් ගෙන් යුත් අහස මත ද,

:2

ප්‍රතිඥා දෙනු ලැබූ දිනය මත ද,

:3

සාක්ෂි දරන්නා හා සාක්ෂි දරනු ලබන දේ මත ද දිවුරමින්.(පවසමි)

:4

අගල් වැසියෝ (අල්ලාහ් විසින්) විනාශ කරනු ලැබුවෝය.

:5

ඉන්ධන වලින් යුක්ත ගින්නක් වේ.

:6

ඔවුහු ඒ මත වාඩි වී සිටියෝය.

:7

එකල් හි විශ්වාස කළවුන්හට ඔවුන් කරමින් සිටි දෑ ඔවුහු නරඹමින් (ඒ මත වාඩි වී සිටියෝය.)

:8

ප්‍රශංසාලාභී සර්ව බලපරාක්‍රම අල්ලාහ් ව ඔවුන් විශ්වාස කිරීමේ හේතුවෙන් මිස ඔවුහු ඔවුන්ගෙන් පළි නොගත්තෝය.

:9

අහස් හා මහපොළොවෙහි රාජ්‍ය බලය සතු (අල්ලාහ් ව ඔවුන් විශ්වාස කිරීමේ හේතුවෙන්) තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි සාක්ෂි දරන්නා ය.

:10

නියත වශයෙන්ම විශ්වාස කරන පිරිමින්ට හා විශ්වාස කරන කාන්තාවන්ට හිංසා කර, පසු ව පශ්චාත්තාප නොවූවන් වන ඔවුනට නිරයේ දඬුවම ද තවද ඔවුනට පිලිස්සෙන ගින්නෙහි දඬුවම ද ඇත.

:11

සැබැවින්ම විශ්වාස කොට යහකම් කළවුන් වන ඔවුනට ඊට පහළින් ගංගාවන් ගලා බසින (ස්වර්ග) උයන් ඇත. එයයි අති මහත් ජයග්‍රහණය.

:12

නියත වශයෙන්ම නුඹගේ පරමාධිපතිගේ ග්‍රහණය ඉතා දැඩි ය.

:13

(පූර්වාදර්ශයක් නොමැති ව) නිර්මාණය කරන්නේ ද යළි සකස් කරන්නේ ද ඔහුමය.

:14

ඔහු අති ක්ෂමාශීලී ය. මහත් දයාලු ය.

:15

කීර්තිමත් අර්ෂ්හි (රාජ්‍යයෙහි) හිමිකරු ඔහු ය.

:16

ඔහු සිතන දේ මැනවින් කරන්නා ය.

:17

(නබිවරය) නුඹට ප්‍රජාවන්ගේ පුවත පැමිණියේ ද?

:18

ෆිර්අවුන් හා සමූද් (ප්‍රජාවන්ගේ පුවත පැමිණියේ ද?)

:19

නමුත් ප්‍රතික්ෂේප කළවුන් බොරු කිරීමෙහි ය.

:20

තවද අල්ලාහ් ඔවුන්ගේ පසුපසින් වෙළාගන්නා ය.

:21

නමුත් එය කීර්තිමත් කුර්ආනය වේ.

:22

(කිසිඳු වෙනසකට බඳුන් නොවෙන ආකාරයට) ඵලකයෙහි ලේඛණ ගත කර ආරක්ෂා කර ඇත.