සියලුම ඉස්ලාම් පුස්තකාලය

84 - The Sundering - Al-'Inshiqāq

:1

අහස පැළී යන විට,

:2

එය එහි පරමාධිපතිට අවනත වූ විට. එයට (එසේ සිදු වීම) නියම කරන ලදී.

:3

මහපොළොව සමතලා කරනු ලැබ,

:4

එය එහි තුළ ඇති දෑ බැහැර කර හිස් වී,

:5

එය එහි පරමාධිපතිට අවනත වූ විට. එයට (එසේ සිදු වීම) නියම කරන ලදී.

:6

අහෝ මිනිස! නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති වෙත නුඹ දැඩි සේ ප්‍රයත්න දරන්නෙකි. එබැවින් නුඹ ඔහු ව මුණගැසෙන්නෙහිය.

:7

එවිට තම වාර්තා පොත තමන්ගේ දකුණතට දෙනු ලැබූ අය වූ කලී,

:8

ඔහු පහසු විමසුමකින් මතු විමසනු ලබනු ඇත.

:9

තවද ඔහු තම ජනයා වෙත ප්‍රීතියට පත් ව හැරී යනු ඇත.

:10

තවද තම වාර්තා පොත තමන්ගේ කොන්ද පිටුපසට දෙනු ලැබූ අය වූ කලී,

:11

ඔහු විනාශය යැයි මතු වැලපෙනු ඇත.

:12

තවද ඔහු (නිරයේ) ඇවිළෙන ගින්නට පිවිසෙනු ඇත.

:13

නියත වශයෙන්ම ඔහු තම පවුලෙහි ප්‍රීතියට පත් වූවෙකු ලෙස සිටියේය.

:14

නියත වශයෙන්ම ඔහු (මරණයෙන් පසු) කිසිවිටෙක ආපසු නොපැමිණෙන්නේමය යැයි සිතුවේය.

:15

එසේ නොව, සැබැවින්ම ඔහුගේ පරමාධිපති ඔහු පිළිබඳව නිත්‍ය නිරීක්ෂකයෙකු ලෙස සිටියේය.

:16

තවද ගොම්මන මත ද මම දිවුරමි.

:17

රාත්‍රිය හා එය වැලඳ ගත් දෑ මත ද, (මම දිවුරමි.)

:18

චන්ද්‍රයා පූර්ණත්වයට පත් වන විට ඒ මත ද මම (දිවුරමි.)

:19

සැබැවින්ම පියවරෙන් පියවර නුඹලා (ඉදිරියට) ගමන් කරන්නෙහුමය.

:20

එහෙයින් ඔවුහු විශ්වාස නොකර සිටීමට ඔවුනට කුමක් සිදු වී ද?

:21

තවද ඔවුනට අල්කුර්ආනය පාරායනය කරනු ලැබූ විට ඔවුහු (අල්ලාහ්ට සිරස නමා) සුජූද් නොකරති.

:22

නමුත් (දේව විශ්වාසය) ප්‍රතික්ෂේප කළ අය එය බොරු යැයි පවසන්නෝය.

:23

තවද ඔවුන් (තම හදවත් තුළ) සඟවන දෑ පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නාය.

:24

එහෙයින් වේදනීය දඬුවමක් පිළිබඳ නුඹ ඔවුනට ශුභාරංචි පවසනු.

:25

නමුත් විශ්වාස කර දැහැමි දෑ කළවුන් හැර ඔවුනට අඛණ්ඩ (යහ) ප්‍රතිඵල ඇත.