සියලුම ඉස්ලාම් පුස්තකාලය

83 - The Defrauding - Al-Muţaffifīn

:1

කිරුම් මිනුම් වල වංචා කරන්නන්හට විනාශයමය.

:2

තමන් මිනිසුන්ගෙන් කිරා ගන්නා විට සම්පූර්ණයෙන්ම කිරාගන්නෝය. ,

:3

කිරා දෙන විට හෝ මැන දෙන විට අඩු කර දෙති.

:4

නියත වශයෙන්ම තමන් නැගිටුවනු ලබන්නන් බව ඔවුහු නොසිතන්නෝ ද?

:5

මහත් වූ දිනයක.

:6

එදින මිනිස්සු සකල ලෝකයේ පරමාධිපති ඉදිරියේ නැගී සිටිනු ඇත.

:7

නොඑසේය. නියත වශයෙන්ම අපරාධකරුවන්ගේ ලේඛනය සිජ්ජීන්හි ඇත්තේය.

:8

(නබිවරයාණනි!) සිජ්ජීන් යනු කුමක් දැයි නුඹ ව දැනුවත් කළේ කුමක් ද?

:9

(එය මිනිසාගේ සියලු ක්‍රියාවන් ගැන) ලියන ලද වාර්තා පොතකි.

:10

මුසා බස් පවසන්නන් හට එදින විනාශයය.

:11

මොවුන් වූ කලී විනිශ්චය දිනය බොරු කරමින් සිටිති.

:12

සීමාව ඉක්මවා ගිය සෑම පාපතරයකුම මිස වෙනත් කිසිවෙක් එය බොරු නොකරන්නේය.

:13

අපගේ වදන් ඔහු වෙත පාරායනා කරනු ලබන විට (මෙය) පැරැණ්නන්ගේ මනඃකල්පිත කතා යැයි ඔහු පවසයි.

:14

නොඑසේය. නමුත් ඔවුන් උපයමින් සිටි දෑ (මගින්) ඔවුන්ගේ හදවත් මත මල බැඳී ඇත.

:15

නොඑසේය. නියත වශයෙන්ම ඔවුහු එදින ඔවුන්ගේ පරමාධිපතිගෙන් තිර දම(මින් වෙන් කර)නු ලබන්නෝය.

:16

තවද නියත වශයෙන්ම ඔවුහු නිරයෙහි පිවිසෙන්නෝ වෙති.

:17

ඉන්පසුව “නුඹලා බොරු කරමින් සිටි දෑ මෙය වේ” යැයි කියනු ලැබේ.

:18

නොඑසේය. නියත වශයෙන්ම දැහැමියන්ගේ ලේඛනය ඉල්ලීයියීන්හිමය.

:19

තවද ඉල්ලීයියීන් යනු කුමක් දැයි නුඹ ව දැනුවත් කළේ කුමක් ද?

:20

(එය) ලියන ලද වාර්තා පොතකි.

:21

(දේව) සමීපතයෝ එයට සාක්ෂි දරන්නෝය.

:22

නියත වශයෙන්ම දැහැමියෝ සැප පහසුකම් පිරුණු ස්වර්ගයන්හි වෙති.

:23

කවිච්චි මතට වී (සිරි) නරඹමින් සිටින්නෝය.

:24

(ඔවුනට ලැබුණු) සැප පහසුකම් හි සිරියාව නුඹ ඔවුන්ගේ මුහුණු තුළින් දැන ගනු ඇත.

:25

මුද්‍රා කරන ලද අමෘතයෙන් ඔවුහු පොවනු ලබන්නෝය.

:26

එහි මුද්‍රාව කස්තූරි ය. එහෙයින් තරඟ වදින්නට අපේක්ෂා කරන්නන් ඒ තුළ තරඟ වදිත්වා.

:27

තවද එහි මිශ්‍රණය තස්නීම්ගෙන්ය.

:28

එය දේව සමීපතයින් එයින් පානය කරන උල්පතක්ය.

:29

නියත වශයෙන්ම අපරාධ කළ අය විශ්වාස කළවුන් පිළිබඳ ව සිනහසෙමින් සිටියෝය.

:30

තවද ඔවුන් පසු කරමින් ගිය විට ඔවුහු එකිනෙකා අතර ඇස් කොණින් ඉඟි කොට සමච්චල් කර ගන්නෝය.

:31

තවද ඔවුහු ඔවුන්ගේ ජනයා වෙත හැරී ගිය විට සමච්චල් කරමින් සතුටු වන්නන් ලෙස හැරී ගියෝය.

:32

තවද ඔවුහු ඔවුන් ව දුටු විට “සැබැවින්ම මොවුන් මුළාවූවන්මය” යැයි පවසති.

:33

තවද ඔවුන් මත ආරක්ෂකයින් ලෙස මොවුහු එවනු නොලැබුවෝය.

:34

එහෙයින් අද දින විශ්වාස කළ අය, ( ප්‍රතික්ෂේපකයින් මෙලොවේදී විශ්වාස වන්තයින්ට සිනාසුනාක් මෙන් ඔවුන්) දෙස බලා සිනාසෙන්නෝය.

:35

සුව පහසු කවිච්චි මත වී (සිරි) නරඹන්නෝය.

:36

ප්‍රතික්ෂේපකයෝ තමන් කරමින් සිටි දෑ සඳහා ප්‍රතිවිපාක දෙනු ලැබුවෝ ද? (යැයි විමසනු ලබනන්නේය.)