සියලුම ඉස්ලාම් පුස්තකාලය

81 - The Overthrowing - At-Takwīr

:1

හිරු හකුළනු ලබන විට,

:2

තවද තරු කඩා හැළුණු විට,

:3

තවද කඳු ගමන් කරවනු ලබන විට,

:4

තවද ගැබ්බර ඔටු දෙනුන් අතහැර දමනු ලබන විට,

:5

තවද වන සතුන් රැස් කරනු ලබන විට,

:6

තවද මුහුදු ගිනිගනු ලබන විට,

:7

තවද ආත්මාවෝ (එයට සමාන ආත්මාවන් සමඟ) සම්බන්ධ කරනු ලබන විට,

:8

තවද පණ පිටින් වළලනු ලැබූ ගැහැණු දරුවෝ විමසනු ලැබූ විට,

:9

තමන් කුමන පාපයක් නිසා ඝාතනය කරනු ලැබුවෝ දැයි? විමසනු ලබන විට,

:10

තවද (හොඳ නරක ලියවුණු) ලේඛන දිග හරිනු ලැබූ විට,

:11

තවද අහස නිරාවරණය කරනු ලැබූ විට,

:12

තවද නිරය මොලවනු ලැබූ විට,

:13

තවද (දේව විශ්වාසවන්තයින් වෙත) ස්වර්ගය සමීප කරවනු ලැබූ විට,

:14

ආත්මය තමන් ඉදිරිපත් කර ඇති දෑ කුමක්දැයි දැන ගනු ඇත.

:15

එබැවින් ගමන් කරන ග්‍රහතාරකාව මත දිවුරමි.

:16

සැඟ වී නොපෙනී (යන ග්‍රහතාරකාව මත දිවුරමි.)

:17

රාත්‍රිය එය ගෙවී යන විට ඒ මත දිවුරමින්,

:18

පෙරවරුව එය උදා වී පවතින විට ඒ මත දිවුරමින්,

:19

නියත වශයෙන්ම මෙය ගෞරවනීය දූතයකුගේ වදන වේ.

:20

(ඔහු) බලයෙන් යුක්ත (ය.) ස්ථාවර ව පවතින අර්ෂ්හි හිමිකරු අබියස සිටින,

:21

තවද යටහත් වනු ලබන විශ්වාසවන්ත, (දූතයකුගේ වදන වේ.)

:22

තවද (ජනයිනි) නුඹලාගේ සගයා (මුහම්මද්) උන්මත්තකයෙකු නොවේ.

:23

තවද සැබැවින්ම ඔහු ඔහු ව පැහැදිලි ක්‍ෂිතිජයෙහි දුටුවේය.

:24

තවද ඔහු (ගුප්ත දෑ) සඟවන මසුරෙකු නොවේ.

:25

තවද එය පලවා හරින ලද ෂෙයිතාන්ගේ වදනක් නොවේ.

:26

එබැවින් නුඹලා කොහේ යන්නෙහු ද?

:27

එය ලෝවැසියනට මෙනෙහි කිරීමක් මිස නැත.

:28

නුඹලා අතුරින් කවරෙක් සෘජු මාර්ගය පැතීමට අභිමත කරන්නේ ද ඔහුටය.

:29

තවද ලෝ වැසියන්ගේ පරමාධිපති වන අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස, නුඹලා අභිමත නොකරන්නෙහුය.