සියලුම ඉස්ලාම් පුස්තකාලය

80 - He Frowned - `Abasa

:1

ඔහු මුහුණ හකුළා හැරුනේය.

:2

(එසේ සිදු කළේ) අන්ධයෙකු තමන් වෙත පැමිණීම හේතු කොටගෙන (ය.)

:3

ඔහු පිවිතුරු වනු ඇතැයි ඔබ ව දැනුවත් කරනුයේ කුමක් ද?

:4

එසේ නැතහොත් ඔහු (ඔබේ උපදෙස්) මෙනෙහි කර එම මෙනෙහි කිරීම ඔහුට යහපතක් වනු ඇතැයි (ඔබ ව දැනුවත් කරනුයේ කුමක් ද?)

:5

(යහමග පිළිබඳ) අවශ්‍යතාව නොමැති අය වූ කලී,

:6

නුඹ ඔහු වෙතට අවධානය යොමු කරන්නෙහිය.

:7

තවද ඔහු පිවිතුරු නොවීම ගැන ඔබ කෙරෙහි දොසක් නොමැත.

:8

"තවද ඔබ වෙත කැපවීමෙන් පැමිණි අය පිළිබඳ වූ කලී"

:9

"බිය බැතිමත් වී"

:10

ඔබ ඔහු පිළිබඳ නොසලකා හැරියෙහි ය.

:11

එසේ නොව සැබැවින්ම එය සිහිවටනයකි.

:12

එහෙයින් කවරෙක් (සුමග යන්නට) අභිමත කළේද ඔහු එය මෙනෙහි කරත්වා!

:13

(මෙම වදන්) ගෞරවනීය පුස්තකයෙහි ය.

:14

පවිත්‍ර වූ උසස් (පුස්තකයෙහි ය.)

:15

(මලක්වරුන්ගේ) අත්වලින් (ලියන ලද්දකි.)

:16

ගෞරවාන්විත, පිවිතුරු දැහැමි (මලක්වරුන්ගේ) අත්වලින් (ලියන ලද්දකි.)

:17

මිනිසාට ශාපය අත් වේවා ! ඔහු ව ප්‍රතික්ෂේපකයෙකු බවට පත් කළේ කුමක් ද?

:18

කුමන දෙයකින් ඔහු ව ඔහු(අල්ලාහ්) මැව්වේ ද?

:19

ඔහු(අල්ලාහ් මිනිසා වන) ඔහු ව ශුක්‍රාණු බිඳුවකින් මවා පසුව ඔහු ව ප්‍රමාණවත් ලෙස සැකසුවේය.

:20

අනතුරුව ඔහුට (ජීවන) මාර්ගය පහසු කළේය.

:21

පසු ව ඔහු ඔහු ව මරණයට පත් කළේය. ඉන්පසුව ඔහු ඔහු ව වළ දැමුවේය.

:22

පසු ව ඔහු අභිමත වූ විට ඔහු ඔහු ව නැගිටුවන්නේය.

:23

නොඑසේය. ඔහු ඔහුට අණ කළ දෑ ඔහු ඉටු නොකළේය.

:24

එබැවින් මිනිසා ඔහුගේ ආහාරය දෙස බලත්වා !

:25

සැබැවින්ම අපි (වර්ෂා) ජලය අධික වශයෙන් හැළුවෙමු.

:26

පසු ව අපි පොළොව පැල්මක් වශයෙන් පැළුවෙමු.

:27

එහි බීජ ද අපි හට ගැන්වූයෙමු.

:28

මිදි හා එළවළු ද (හට ගැන්වූයෙමු)

:29

"ඔලිව් හා රටඉඳි ගස් ද"

:30

"ඝණ උයන් ද"

:31

පලතුරු හා උදුපියලිය ද (අපි හට ගැන්වූයෙමු.)

:32

(මේ සියල්ල) නුඹලාට ද නුඹලාගේ ගොවිපළ සතුන්ට ද රස විඳීමක් වශයෙනි.

:33

එබැවින් මහා හඬ පැමිණි විට,

:34

එදින මිනිසා ඔහුගේ සහෝදරයාගෙන් ද පලා යනු ඇත.

:35

ඔහුගේ මව හා ඔහුගේ පියාගෙන් ද (පලා යනු ඇත.)

:36

ඔහුගේ භාර්යාව හා ඔහුගේ දරුවන්ගෙන් ද (පලා යනු ඇත.)

:37

එදින ඔවුන් අතුරින් සෑම මිනිසෙකුටම ඔහු ව නිරත කරවන කරුණු ඇත.

:38

එදින (ඇතැම්) මුහුණු පැහැපත් ව පවතී.

:39

සිනහ මුසු ව ප්‍රීතියෙන් (පවතී.)

:40

තවද (ඇතැම්) මුහුණු එදින ඒවා මත දූවිලි පවතී.

:41

අඳුර ඒවා වසා ගනු ඇත.

:42

ඔවුහුමය ප්‍රතික්ෂේප කළ දුෂ්ටයෝ.