සියලුම ඉස්ලාම් පුස්තකාලය

77 - The Emissaries - Al-Mursalāt

:1

අඛණ්ඩ ව එවනු ලබන සුළං මත දිවුරමින්,

:2

දැඩි ලෙස හමන සැඩ සුළං මත දිවුරමින්,

:3

(වලාවන්) විසිරුවා හරින සුළං මත දිවුරමින්.

:4

වෙන් වෙන් ව වෙන් කරන දෑ මත දිවුරමින්,

:5

මෙනෙහි කිරීමක් වශයෙන් (හදවතට) හෙළන දෑ මත දිවුරමින්,

:6

(එම මෙනෙහි කිරීම) සමාවක් වශයෙන් නැතහොත් අවවාදයක් වශයෙන් හෝ පවතී.

:7

නියත වශයෙන්ම නුඹලාට ප්‍රතිඥා දෙනු ලබන දෑ සිදුවන්නකි.

:8

තරු එහි ආලෝකය මකා දමනු ලබන විට,

:9

තවද අහස පුපුරා හරිනු ලබන විට,

:10

කඳු දූවිලි බවට පත් කරනු ලබන විට,

:11

තවද ධර්ම දූතවරුන් එක් රැස් කරනු ලබන විට,

:12

කවර දිනයක් සඳහා මෙය කල් දමනු ලද්දේ ද?

:13

(එය) විනිශ්චය දිනය සඳහාය.

:14

විනිශ්චය දිනය යනු කුමක්දැයි නුඹට දැනුම් දුන්නේ කුමක් ද?

:15

බොරු කළවුනට එදින විනාශයයි.

:16

මුල සිටියවුන් අපි විනාශ නොකළෙමු ද?

:17

පසු ව අපි ඔවුන් සමග පසු පැමිණියවුන් ද අනුගමනය කළෙමු.

:18

අපරාධකරුවන්ට අපි සිදු කරනුයේ එලෙසය.

:19

බොරු කළවුනට එදින විනාශයයි.

:20

ඉතා පහත් වූ ද්‍රාවණයකින් අපි නුඹලා නොමැව්වෙමු ද?

:21

එවිට ආරක්ෂිත ස්ථානයක අපි එය තැන්පත් කළෙමු.

:22

නියමිත කාල පරිච්ඡේදයක් දක්වා.

:23

එසේම අපිම එය නියම කළෙමු. එහෙයින් අපි නියම කරන්නන්ගෙන් විශිෂ්ටයන් වෙමු.

:24

බොරු කළවුනට එදින විනාශයයි.

:25

මහපොළොව ප්‍රමාණවත් ලෙස අපි පත් නොකළෙමු ද?

:26

ජීවත් වන්නන්ට හා මළවුන්ට.

:27

තවද එහි අපි උස් කඳු මුදුන් ඇති කළෙමු. තවද ඉමිහිරි ජලයද පෙව්වෙමු.

:28

බොරු කළවුනට එදින විනාශයයි.

:29

නුඹලා කවර දෙයක් බොරු කරමින් සිටියේ ද ඒ වෙතට නුඹලා ගමන් කරනු.

:30

ශාඛා තුනකින් සමන්විත හෙවණ වෙත ගමන් කරනු.

:31

එය හෙවණ ලබා දෙන්නක් ලෙසින් නැත. එමෙන්ම එය ගිනි දැල්ලෙන් ආරක්ෂා කරන්නක් ද නොවෙයි.

:32

නියත වශයෙන්ම එය මාලිගා මෙන් (උසට) දරුණු ලෙස ගිනි දැල් හෙළයි.

:33

එය කහ පැහැති ඔටු රංචුවක් මෙන් පවතී.

:34

බොරු කළවුනට එදින විනාශයයි.

:35

එය ඔවුන් කතා නොකරන දිනයකි.

:36

ඔවුන් නිදහසට කරුණු ඉදිරිපත් කිරීම සඳහා ඔවුනට අනුමැතිය දෙනු නොලැබේ.

:37

බොරු කළවුනට එදින විනාශයයි.

:38

මෙය විනිශ්චයේ දිනයයි. අපි නුඹලා හා මුතුන් මිත්තන් එක් රැස් කළෙමු.

:39

එහෙයින් නුඹලාට යම් කුමන්ත්‍රණයක් තිබේ නම් නුඹලා මට කුමන්ත්‍රණය කරනු.

:40

බොරු කළවුනට එදින විනාශයයි.

:41

නියත වශයෙන්ම බිය බැතිමතුන් හෙවණ හා උල්පත් අතර වෙති.

:42

තවද ඔවුන් ආශා කරන පලතුරු අතර ද (වෙති).

:43

නුඹලා සිදු කරමින් සිටි දෑ හේතුවෙන් නුඹලා සැපසේ අනුභව කරනු. තවද පානය කරනු (යැයි කියනු ලැබේ.)

:44

නියත වශයෙන්ම මෙලෙසය අපි දැහැමියන්ට ප්‍රතිඵල පිරිනමනුයේ.

:45

බොරු කළවුනට එදින විනාශයයි.

:46

නුඹලා අනුභව කරනු. තවද මද කලක් භුක්ති විඳිනු. නියත වශයෙන්ම නුඹලා අපරාධකරුවන්ය.

:47

බොරු කළවුනට එදින විනාශයයි.

:48

(මෙලොවෙහි) ඔවුනට (දණින් අල්ලමින් නැවී) රුකූඋ කරන්නැයි පවසනු ලබන විට ඔවුහු රුකූඋ නොකරති.

:49

බොරු කළවුනට එදින විනාශයයි.

:50

මින් පසු ව ඔවුන් විශ්වාස කරනුයේ කවර ප්‍රකාශයක් ද?