සියලුම ඉස්ලාම් පුස්තකාලය

55 - The Beneficent - Ar-Raĥmān

:1

අපරිමිත දයාන්විතයාණෝ

:2

ඔහු අල් කුර්ආනය ඉගැන්වීය.

:3

ඔහු මිනිසා ව මැව්වේය.

:4

ඔහු ඔහුට පැහැදිලිව කතා කිරීමට ඉගෙන්වූවේය.

:5

හිරු හා සඳු නියමිත ගණන් විලාසයකට අනුව ගගනය කරයි.

:6

තවද තරු හා ගස යන දෙක ඔහුට සුජූද් කරති.

:7

තවද අහස ඔහු එය උස් කළේය. තවද (යුක්තියේ) තුලාව පිහිටුවේය.

:8

යුක්තියේ තුලාව නුඹලා උල්ලංඝනය නොකරනු පිණිස.

:9

තවද නුඹලා සාධාරණයෙන් යුතු ව තුලනය ක්‍රියාත්මක කරනු. තවද නුඹලා තුලාවෙහි අඩු නොකරනු.

:10

තවද මහපොළොව එය සියලු ජීවීන් සඳහා (පහසුවෙන්) තැබුවේ ය.

:11

එහි පලතුරු ද කොපු සහිත රටඉඳි ගස් ද ඇත.

:12

තවද පොතු සහිත ධාන්‍ය ද සුවඳැති පැළෑටි ද ඇත.

:13

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් අතරින් කවරක් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?

:14

වළන් මෙන් වියළි මැටියෙන් ඔහු මිනිසා මැව්වේය.

:15

තවද ගින්නෙන් වූ දැල්ලෙන් ඔහු ජින් වර්ගයා මැව්වේය.

:16

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් අතරින් කවරක් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?

:17

(ඔහු) නැගෙනහිරවල් දෙකෙහි හිමිපාණන් හා බටහිරවල් දෙකෙහි හිමිපාණන්ය.

:18

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් අතරින් කවරක් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?

:19

ඔහු මුහුදු දෙක එකිනෙකට යාවන්නට හැරීය.

:20

ඒ දෙක අබිබවා නොයන අයුරින් ඒ දෙක අතර බාධකයක් විය.

:21

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් අතරින් කවරක් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?

:22

ඒ දෙකින් මුතු හා පබළු මතු වෙයි.

:23

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් අතරින් කවරක් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?

:24

තවද කඳු මෙන් මුහුදෙහි උසින් ගමන් කරනු ලබන යාත්‍රා ද ඔහුට ඇත.

:25

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් අතරින් කවරක් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?

:26

ඒ (මහපොළොව) මත ඇති සියල්ල විනාශ වී යන්නක්ය.

:27

තවද තේජාන්විතභාවයෙන් හා ගෞරවාන්විතභාවයෙන් යුක්ත නුඹගේ පරමාධිපතිගේ මුහුණ නිත්‍යයව පවතී.

:28

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයන් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?

:29

අහස්හි හා මහපොළොවෙහි සිටින්නෝ(තම අවශ්‍යතාව) ඔහුගෙන් ඉල්ලා සිටිති. සෑම දිනකම ඔහු (තම) කටයුත්තෙහි නිරත ව සිටියි.

:30

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් අතරින් කවරක් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?

:31

අහෝ (මිනිස් හා ජින්) දෙවර්ගයනි! අපි නුඹලා වෙනුවෙන් (විනිශ්චය සඳහා වූ කාලය) වෙන් කරන්නෙමු.

:32

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් අතරින් කවරක් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?

:33

අහෝ ජින් හා මිනිස් සමූහයනි! අහස් හා මහපොළොවේ පැතිකඩ වලින් පලා යෑමට නුඹලා හැකියාව දරන්නේ නම් නුඹලා පලා යනු. මහා බලයකින් මිස නුඹලා පලා නොයනු ඇත.

:34

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් අතරින් කවරක් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?

:35

නුඹලා (අයහපත්) දෙවර්ගයට එරෙහිව ගිනි ජාලා හා දුමාරයක් එවනු ලැබේ. එවිට නුඹලා දෙවර්ගය (ඉන් ආරක්ෂා වන්නට) උදව් නොලබනු ඇත.

:36

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් අතරින් කවරක් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?

:37

එහෙයින් අහස පැළී ගිය විට එය තෙල් මෙන් රතු පැහැ ගැණෙනු ඇත.

:38

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් අතරින් කවරක් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?

:39

එහෙයින් එදින මිනිසෙකු හෝ ජින්වරයෙකු හෝ ඔහුගේ පාපය ගැන විමසනු නොලබයි.

:40

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් අතරින් කවරක් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?

:41

වැරදි කරුවෝ ඔවුන්ගේ සලකුණු වලින් හඳුනා ගනු ලබති. එවිට ඉදිරි නළල් කෙස් රොද හා පාද වලින් ග්‍රහණය කරනු ලබති.

:42

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් අතරින් කවරක් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?

:43

වැරදි කරුවන් එය බොරු යැයි පවසන නිරය මෙය වේ.

:44

ඒ අතර හා දැඩි රශ්මීය ලෝදිය අතර ඔවුහු කැරකෙති.

:45

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් අතරින් කවරක් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?

:46

තම පරමාධිපතිගේ සන්නිධානයේ පෙනී සිටීමට බිය වූවන්ට (ස්වර්ග) උයන් දෙකක් ඇත.

:47

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් අතරින් කවරක් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?

:48

සාරවත් අතුවලින් යුක්ත (උයන්) දෙකකි.

:49

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් අතරින් කවරක් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?

:50

ඒ දෙකෙහි ගලා යන උල්පත් දෙකකි.

:51

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් අතරින් කවරක් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?

:52

සෑම පලතුරකින්ම ජෝඩුවක් බැගින් ඒ දෙකහි ඇත.

:53

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් අතරින් කවරක් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?

:54

ඇතිරිලි මත හාන්සි වන්නන් ලෙසිනි. එහි ඇතුළත (ඉස්තබ්රක් වර්ගයේ) සේද රෙද්දෙන් යුක්තය. එම උයන් දෙකෙහි පලතුරු සමීපයෙන් පිහිටයි.

:55

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් අතරින් කවරක් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?

:56

ඒවායෙහි දමිත බැල්මැති පිරිසිදු කන්‍යා කුමරියන් වෙති. ඔවුනට පෙර කිසිදු මිනිසෙකු හෝ ජින්නුවෙකු හෝ ඔවුන් ස්පර්ශ කර නැත.

:57

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් අතරින් කවරක් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?

:58

නියත වශයෙන්ම ඔවුහු මැණික් හා පබළු මෙන් වෙති.

:59

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් අතරින් කවරක් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?

:60

යහපතට යහපත මිස වෙනත් ප්‍රතිඵලයක් ඇත් ද?

:61

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් අතරින් කවරක් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?

:62

ඒ දෙකට අමතරව (තවත්) උයන් දෙකකි.

:63

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් අතරින් කවරක් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?

:64

(ඒ දෙක) තද කොළ පැහැයෙන් යුක්තය.

:65

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් අතරින් කවරක් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?

:66

ඒ දෙකෙහි උතුරා ගලා යන උල්පත් දෙකකි.

:67

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් අතරින් කවරක් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?

:68

ඒ දෙකෙහි පලතුරු ද රටඉඳි ද දෙළුම් ද ඇත.

:69

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් අතරින් කවරක් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?

:70

රූමත් යහපත් කාන්තාවෝ ඒවායෙහි වෙති.

:71

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් අතරින් කවරක් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?

:72

කූඩාරම් තුළ සඟවා තබන ලද ලලනාවෝ වෙති.

:73

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් අතරින් කවරක් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?

:74

ඔවුනට පෙර කිසිදු මිනිසෙකු හෝ ජින්නුවෙකු හෝ ඔවුන් ස්පර්ශ කර නැත.

:75

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් අතරින් කවරක් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?

:76

කොළ පැහැති මෙට්ට මත ද අලංකාර බුමුතුරුණු මත ද හාන්සිවන්නන් ලෙස සිටිති.

:77

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් අතරින් කවරක් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?

:78

තේජාන්විතභාවයෙන් හා ගෞරවාන්විතභාවයෙන් යුත් නුඹගේ පරමාධිපතිගේ නාමය අති උත්කෘෂ්ට විය.