සියලුම ඉස්ලාම් පුස්තකාලය

56 - The Inevitable - Al-Wāqi`ah

:1

සිදු වන දෑ (එනම් නැගිටවනු දිනය) සිදු වූ විට,

:2

එම සිදුවීම බොරුවක් නොවෙයි.

:3

(එය අපරාධකරුවන්) පහත් කරවන්නකි. (දැහැමියන්) උසස් කරවන්නකි.

:4

මහපොළොව කම්පනයකින් කම්පනය කරනු ලැබූ විට,

:5

තවද කඳු සුනු විසුනු කිරීමෙන් සුනු විසුනු කරනු ලැබූ විට,

:6

එවිට එය විසිරුණු දූවිලි බවට පත් වනු ඇත.

:7

එවිට නුඹලා වර්ග තුනක් වන්නෙහුය.

:8

එනම් දකුණු පසට වූ ජනයා. එම දකුණු පසට වූ ජනයා යනු කවරෙක් ද?

:9

තවද වම් පසට වූ ජනයා. එම වම් පසට වූ ජනයා යනු කවරෙක් ද?

:10

පෙරටුගාමීහු පෙරටු ගාමීහුය.

:11

ඔවුහු (අල්ලාහ්ට) සමීපතයෝ වෙති.

:12

(ඔවුන්) සැපවත් උයන්හි සිටිති.

:13

මුල් අයගෙන් වූ පිරිසකි.

:14

තවද පසු පැවත එන්නන්ගෙන් වූ ස්වල්පයකි.

:15

(ඔවුන්) අලංකාර කරන ලද ඇඳන් මත සිටිති.

:16

ඒ මත එකිනෙකාට මුහුණලමින් හාන්සිවන්නන් ලෙස සිටිති.

:17

ළමා විය සදාතනික වූ ළමුන් ( සංග්‍රහ කිරීම සඳහා) ඔවුන් වටා යති.

:18

දිය දහරාවෙන් පුරවනු ලැබූ ගුරු ලේත්තු, කේතල් හා කුසලාන සමග (ඔවුන් වටා යති.)

:19

එයින් ඔවුනට හිසේ රුදාව ඇති නොවේ. තවද ඔවුන් මත් නොවෙති.

:20

ඔවුන් තෝරා ගන්නා පරිදි පලතුරු සමග

:21

ඔවුන් ආශා කරන පරිදි කුරුලු මාංශ සමග

:22

තවද දැකුම්කලු කන්‍යා කුමරියෝ ද වෙති.

:23

(ඔවුන්) සඟවා තබන ලද මුතු වලට සමානය

:24

ඔවුන් (මොලොවෙහි) සිදු කරමින් සිටි දෑ සඳහා ප්‍රතිඵලයක් වශයෙනි.

:25

ඔවුහු එහි පුහු දැයකට හෝ පාපය ඇති කරන කතාවකට හෝ සවන් නොදෙති.

:26

ශාන්තියයි ශාන්තියයි යනුවෙන් පවසනු ලැබීම මිස. (වෙන කිසිවකට සවන් නොදෙති.)

:27

දකුණු පස ජනයා, දකුණු පස ජනයා යනු කවරෙක් ද?

:28

(ඔවුන්) කටු නොමැති මසන් ගස් අතරෙහිය.

:29

තවද කැන් එල්ලෙන කෙසෙල් ගස් අතරය.

:30

දිගු කරනු ලැබූ සෙවණැලි අතරය.

:31

ගලා යවනු ලබන ජලය අතරය.

:32

බොහෝ පලතුරු අතරය.

:33

කිසිදු කප්පාදුවක් නැත. එමෙන්ම කිසිදු තහනම් කිරීමක් ද නැත.

:34

උස් ව තබන ලද ඇතිරිලි අතරය.

:35

නියත වශයෙන්ම අපි ඔවුන් (අලංකාර) නිර්මාණයකින් නිර්මාණය කළෙමු.

:36

අපි ඔවුන් කන්‍යා කුමරියන් බවට පත් කළෙමු.

:37

පෙම්බර සම වයසැති,

:38

දකුණු පස ජනයා සඳහා (මේවා සූදානම් කර තිබේ.)

:39

(ඔවුන්) මුල් අයගෙන් වූ පිරිසකි.

:40

තවද පසු පැවත එන්නන්ගෙන් වූ පිරිසකි.

:41

තවද වම් පස ජනයා. වම් පස ජනයා යනු කවරෙක් ද?

:42

(ඔවුන්) ලෝ දිය හා ගිනි දැලි සුළං අතරය.

:43

කළු දුමාරයෙන් යුත් හෙවණ අතරය.

:44

තවද (එහි) කිසිදු සිසිලක් හෝ අලංකාර දර්ශනයක් හෝ නැත.

:45

නියත වශයෙන්ම ඔවුහු එයට පෙර (මෙලොවෙහි) සැප විඳින්නන් ලෙස සිටියහ.

:46

තවද ඔවුහු මහත් පාපයන් මත හිතුවක්කාර ලෙස රැඳී සිටින්නන් වූහ.

:47

තවද “අපි මිය ගොස් පස් හා අස්ථි බවට පත් වූ පසු නියත වශයෙන්ම අපි නැවත නැගිටුවනු ලබන්නෝ වෙමු දැ” යි ඔවුහු පවසමින් සිටියහ.

:48

“අපගේ මූලාරම්භක මුතුන් මිත්තන් ද?” (යනුවෙන් ද පැවසූහ.)

:49

“නියත වශයෙන්ම මූලාරම්භකයින් හා පසු පැවත එන්නන් (යන සියල්ලන්හට) (නබිවරය) නුඹ පවසනු.

:50

නියමිත දිනක නියමිත වේලාවක එක් රැස් කරනු ලබන්නෝ වෙති.

:51

ඉන් පසු: අහෝ බොරුකාරයන් වූ නොමග ගියවුනි! නිසකවම නුඹලාමය,

:52

නියත වශයෙන්ම නුඹලා zසක්කූම් ගසින් අනුභව කරන්නෝ වෙති.

:53

එවිට එයින් කුසවල් පුරවා ගන්නෝ වෙති.

:54

ඒ මත ලෝ දියෙන් පානය කරන්නෝ වෙති.

:55

පිපාසිත ඔටුවන් පානය කරන්නාක් මෙන් පානය කරන්නෝ වෙති.

:56

මෙය විනිශ්චය දිනයේ ඔවුන්ගේ සංග්‍රහය වේ.

:57

අපය නුඹලා ව මැව්වේ. එහෙයින් ( නුඹලාව නැවත නැගිටුවන්නෙමු යනුවෙන්) නුඹලා සත්‍යය කළ යුතු නොවේ ද?

:58

නුඹලා ශුක්‍රාණු ලෙස පිට කරන දෑ ගැන නුඹලා සිතා බැලුවෙහු ද?

:59

එය මැව්වේ නුඹලා ද එසේ නැතහොත් (එහි) මැවුම්කරුවෝ වන්නේ අප ද?

:60

නුඹලා අතර මරණය නිර්ණය කළේ අපය. අපව අභිබවා යාමට (කිසිවෙකුට) නොහැක..

:61

නුඹලාගේ හැඩරුව වෙනස් කිරීමටත් නුඹලා නොදන්නා ස්වරූපයක නුඹලා ව (යළි) බිහි කිරීමටත් (අපි ශක්තිය ලද්දෝ වෙමු).

:62

තවද මුල් මැවීම ගැන සැබැවින්ම නුඹලා දන්නෙහුය. එහෙයින් නුඹලා මෙනෙහි කළ යුතු නොවේ ද?

:63

නුඹලා වපුරන දෑ ගැන නුඹලා සිතා බැලුවෙහු ද?

:64

එය වගා කරනුයේ නුඹලා ද? එසේ නැතහොත් (එහි) වගාකරුවෝ අප ද?

:65

අපි අභිමත කරන්නේ නම් එය වියැළුණු ඉපැණිලි බවට පත් කරන්නට තිබුණි. එවිට නුඹලා පුදුමයට පත් වනු ඇත.

:66

“නියත වශයෙන්ම අපි ණය කාරයෝ වෙමු.”

:67

“එසේ නොව අපි වළක්වනු ලැබූවෝ වෙමු.” යැයි පවසමින් (නුඹලා පුදුමයට පත් වනු ඇත.)

:68

නුඹලා පානය කරන ජලය දෙස නුඹලා නිරීක්ෂා කොට බැලුවෙහු ද?

:69

එය වලාකුළෙන් පහළ කළේ නුඹලා ද? එසේ නැතහොත් (එය) පහළ කරන්නෝ අපද?

:70

අපි අභිමත කර ඇත්නම් එය ලුණු බවට පත් කරන්නට තිබුණි. එහෙයින් නුඹලා ගුණගරුක විය යුතු නොවේ ද?

:71

නුඹලා දල්වන ගින්න විමසිල්ලෙන් බැලුවෙහු ද?

:72

(එම ගින්න නිපද වන) ගස නිර්මාණය කළේ නුඹලා ද? එසේ නැතහොත් (එහි) නිර්මාණකරුවෝ අප ද?

:73

අපි එය මෙනෙහි කිරීමක් ලෙසින් හා මගීන්ට (ප්‍රයෝජනවත්) භාණ්ඩයක් ලෙසින් පත් කළෙමු.

:74

එහෙයින් නුඹගේ අති මහත් පරමාධිපතියාණන්ගේ නාමයෙන් නුඹ සුවිශුද්ධ කරනු.

:75

එහෙයින් තාරකා රැඳෙන තැන් මත මම දිවුරමි.

:76

තවද නුඹලා දන්නෙහු නම් නියත වශයෙන්ම එය ඉමහත් දිවුරුමකි.

:77

නියත වශයෙන්ම එය ගෞරවනීය කුර්ආනයකි.

:78

ආරක්ෂා කරනු ලැබූ ලේඛනයෙහිය.

:79

එය පිවිතුරු අය හැර වෙනත් කිසිවකු ස්පර්ශ නොකරති.

:80

ලෝවැසියන්ගේ පරමාධිපතිගෙන් වූ පහළ කිරීමකි.

:81

නුඹලා මෙම ප්‍රකාශය ගැන ද නොසලකා හරින්නන් ලෙස සිටිනුයේ එහෙයින් ද?

:82

තවද නුඹලාගේ පෝෂණය සඳහා (කෘතගුණ සලකන්නක් වශයෙන්) නියත වශයෙන්ම නුඹලා බොරු කිරීම (තෝරා) ගන්නෙහු ද?

:83

(කෙනෙකුගේ ප්‍රාණය) උගුරු දණ්ඩට ළඟා වූ විට,

:84

නුඹලා එම අවස්ථාවේ බලමින් සිටින්නෙහුය.

:85

තවද ඔහු වෙත අපි නුඹලාට වඩා සමීපයෙන් වෙමු. නමුත් නුඹලා නොදකිනු ඇත.

:86

එහෙයින් නුඹලා වගකිව යුත්තන් නොවන්නෙහු නම්,

:87

(නුඹලා සිතන පරිදි) නුඹලා සත්‍යවාදීන් නම් නුඹලා එය නැවත ගෙන එනු.

:88

එහෙයින් ඔහු (අල්ලාහ්ට) සමීපතයින් අතුරින් වූයේ නම්,

:89

සැනසුම ද ප්‍රණීත ආහාර ද සැපවත් (ස්වර්ග) උයන් ද ඇත.

:90

ඔහු දකුණු පස ජනයා අතුරින් වූ කෙනෙකු වූයේ නම්,

:91

එසේ නම් දකුණු පස ජනයා අතුරින් වූ ඔබට ශාන්තියයි.

:92

ඔහු නොමග ගිය බොරු කරන්නන් අතුරින් වූයේ නම්,

:93

එවිට ලෝ දියෙන් වූ නවාතැනකි.

:94

තවද නිරා ගින්නෙහි දැවීමකි.

:95

ස්ථීර සත්‍යය වනුයේ නියත වශයෙන්ම මෙයමය.

:96

එහෙයින් නුඹගේ අතිමහත් වූ පරමාධිපතිගේ නාමයෙන් සුවිශුද්ධ කරනු.