107 - The Small kindnesses - Al-Mā`ūn
:1
විනිශ්චය දිනය බොරු කරන අය නුඹ දුටුවෙහි ද?
:2
එනම් ඔහු කවරෙක්ද යත් අනාථයා ව පලවා හරියි.
:3
තවද දුප්පතාගේ ආහාරය (ලබා දීම) පිළිබඳ ව දිරි නොගන්වයි.
:4
එමෙන්ම සලාතය ඉටු කරන්නන්හට විනාශය අත් වේවා!
:5
ඔවුහු කවරහු ද යත් ඔවුහු තමන්ගේ සලාතය පිළිබඳ ව සැලකිල්ලක් දක්වන්නෝ නොවූහ.
:6
අන් අයට පෙන්වා (පුරසාරම් දොඩ)න්නන් වූහ.
:7
නොවටිනා අල්ප වස්තූන් (පිරි නැමීම) පවා වළක්වන්නෝ වූහ.