සියලුම ඉස්ලාම් පුස්තකාලය

106 - Quraysh - Quraysh

:1

කුරෙයිෂ්වරුන්හට හුරුපුරුදුකම් ඇති කිරීම වෙනුවෙන් ද,

:2

ශීත හා ග්‍රීෂ්ම ඍතුවන් හි (ව්‍යාපාර කටයුතු සඳහා) තවලමෙහි යෑමට ඔවුන්හට හුරුපුරුදුකම් ඇති කිරීම වෙනුවෙන් ද,

:3

මෙම නිවසේ පරමාධිපතිට ඔවුන් නැමදුම් කරත්වා !

:4

කුසගින්නෙන් (සිටි) ඔවුනට ආහාර පිරිනමා බියෙන් (සිටි) ඔවුනට ආරක්ෂාව පිරිනැමුවේ ඔහුය.