106 - Quraysh - Quraysh
1
කුරෙයිෂ්වරුන්හට හුරුපුරුදුකම් ඇති කිරීම වෙනුවෙන් ද,
2
ශීත හා ග්‍රීෂ්ම ඍතුවන් හි (ව්‍යාපාර කටයුතු සඳහා) තවලමෙහි යෑමට ඔවුන්හට හුරුපුරුදුකම් ඇති කිරීම වෙනුවෙන් ද,
3
මෙම නිවසේ පරමාධිපතිට ඔවුන් නැමදුම් කරත්වා !
4
කුසගින්නෙන් (සිටි) ඔවුනට ආහාර පිරිනමා බියෙන් (සිටි) ඔවුනට ආරක්ෂාව පිරිනැමුවේ ඔහුය.