102 - The Rivalry in world increase - At-Takāthur
:1
තරඟ වදිමින් (වස්තුව) අධික ලෙස රැස් කිරීම (අල්ලාහ් ව සිහිපත් කිරීමෙන්) නුඹලා ව වෙනතකට යොමු කර ඇත.
:2
නුඹලා මිනීවළවල් හමු වන තුරු,
:3
එසේ නොව, නුඹලා මතු දැන ගන්නෙහුය.
:4
යළි එසේ නොව, නුඹලා මතු දැන ගන්නෙහුය.
:5
එසේ නොව නුඹලා ස්ථාවර දැනුමින් දැන ගන්නෙහු නම්,
:6
නුඹලා සැබැවින්ම නිරය දකිනු ඇත.
:7
පසුව නුඹලා එය තිරසාර ලෙස දකිනු ඇත.
:8
තවද එදින නුඹලා (භුක්ති වින්දා වූ) සැප සම්පත් පිළිබඳ ව විමසනු ලබනු ඇත.