101 - The Calamity - Al-Qāri`ah
:1
කම්පනය ඇති කරන සිදුවීමකි.
:2
කම්පනය ඇති කරන සිදුවීම කුමක් ද?
:3
කම්පනය ඇති කරන සිදුවීම කුමක්දැ යි නුඹට දැනුම් දුන්නේ කුමක්ද?
:4
එදින මිනිසා විසිරී යන මේරුන් මෙන් වනු ඇත.
:5
තවද කඳු පීරනු ලැබූ ලොම් මෙන් වනු ඇත.
:6
එබැවින් තම (යහකම්හි) තුලාව බරින් වැඩි වූ අය නම්,
:7
ඔහු තෘප්තිමත් ජීවිතයෙහි පසු වෙයි.
:8
තවද තම (යහකම්හි) තුලාව බරින් සැහැල්ලු වී ගිය අය නම්,
:9
ඔහුගේ වාසස්ථානය හාවියා වේ.
:10
තවද එය (හාවියා) කුමක්දැ යි ඔබ ව දැනුවත් කළේ කුමක්ද?
:11
(එය) දැඩි උෂ්ණයෙන් යුත් ගින්නකි.