100 - The Courser - Al-`Ādiyāt
:1
හති දමමින් වේගයෙන් දිව යන දෑ මත දිවුරමින්,
:2
කුර ගැටීමෙන් ගිනි පුපුරු නංවන දෑ මතද,
:3
තවද අලුයමෙහි ආක්‍රමණය කරන දෑ මතද දිවුරමින්,
:4
එවිට එමගින් උන් දූවිලි නංවමින්,
:5
කණ්ඩායම් වශයෙන් (සතුරන්) මැදට පිවිසෙති.
:6
නියත වශයෙන්ම මිනිසා තම පරමාධිපතිට ගුණමකුය.
:7
තවද ඇත්තෙන්ම ඔහු එයට සාක්ෂිකරුවෙක් වේ.
:8
තවද ඇත්තෙන්ම ඔහු වස්තුවට දැඩි ලෙස ඇලුම් කරන්නෙක් වේ.
:9
නමුත් මිනීවළවල් තුළ ඇති දෑ පිට කරනු ලබන වග ඔහු නොදන්නේ ද?
:10
තවද හදවත් තුළ ඇති දෑ හෙළි කරනු ලබන වග (ඔහු නොදන්නේ) ද?
:11
නියත වශයෙන්ම එදින ඔවුන්ගේ පරමාධිපති ඔවුන් පිළිබඳ ව සර්ව ඥානීය.