99 - The Earthquake - Az-Zalzalah
:1
මහපොළොව එහි කම්පනයෙන් කම්පනය කරනු ලැබූ විට,
:2
මහපොළොව එහි ඇති බර බැහැර කළ විට,
:3
එයට කුමක් වී ඇත්දැ යි මිනිසා පවසයි.
:4
එදින එය එහි තොරතුරු පිළිබඳ දන්වා සිටියි.
:5
සැබැවින්ම නුඹේ පරමාධිපති එයට දැනුම් දුන් බවට,
:6
එදින තම ක්‍රියාවන් දැක ගනු පිණිස ජනයා කණ්ඩායම් වශයෙන් පිටත් ව පැමිණෙයි.
:7
එහෙයින් කවරෙක් අණුවක් තරම් ප්‍රමාණයකින් යහපතක් කර ඇත්තේ ද ඔහු එය දැක ගනී.
:8
කවරෙක් අණුවක් තරම් ප්‍රමාණයකින් අයහපතක් කර ඇත්තේද ඔහු එය දැක ගනී.