සියලුම ඉස්ලාම් පුස්තකාලය

70 - The Ascending Stairways - Al-Ma`ārij

:1

සිදු වන දඬුවමක් පිළිබඳ විමසන්නෙකු විමසුවේය.

:2

දේව ප්‍රතික්ෂේපකයින්හට එය වළක්වන කිසිවෙකු හෝ නොමැත.

:3

(එම දඬුවම) උසස්ථාන හිමි අල්ලාහ්ගෙන් (සිදුවෙයි).

:4

එහි කාල ප්‍රමාණය වසර පනස් දහසක් වන දිනයක මලක්වරුන්ද, ආත්මයද (ජිබ්රීල් ද) ඔහු (අල්ලාහ්) වෙත ආරෝහණය වෙති.

:5

එහෙයින් ඔබ අලංකාර අයුරින් ඉවසා දරා ගනු.

:6

නියත වශයෙන්ම එය (දඬුවම) අධික දුරින් ඇති බව ඔවුහු සිතති.

:7

නමුත් අපි එය සමීපයෙන් දකිමු.

:8

එදින අහස උණු වූ තඹ මෙන් වනු ඇත.

:9

තවද කඳු ලොම් මෙන් වනු ඇත.

:10

මිතුරෙක් මිතුරෙකු ගැන ප්‍රශ්න නොකරයි.

:11

ඔවුන් එකිනෙකා දකිනු ඇත. එවිට අපරාධකරුවා එදින දඬුවමින් මිදීම සඳහා (වන්දියක් වශයෙන්) තම දරුවන්;

:12

තම බිරිය තම සොහොයුරන්;

:13

ඔහු සමඟ සම්බන්ධකම් පැවැත් වූ තම ඥාතීන්;

:14

තවද මහපොළොවේ සිටින සියලු දෙනා හෝ වන්දි වශයෙන් ලබා දී පසු තමන් මුදවා ගත යුතු යැයි ප්‍රිය කරයි.

:15

එසේ නොව නියත වශයෙන්ම එය දවාළන ගින්නය.

:16

(එය හිස්කබලේ) හම (පුඵස්සා) ගලවා දමන්නකි.

:17

එය (සත්‍ය ප්‍රතික්ෂේප කර ) පසුපස හැරී පලා ගිය අයලුවන්ව අඬගසයි.

:18

(වස්තුව) රැස් කොට එය තැන්පත් කර (සඟවා) තැබු අයට ආරාධනා කරයි.

:19

නියත වශයෙන්ම මිනිසා කලබලකාරී ලෙසින් මවනු ලැබීය.

:20

ඔහුට අයහපතක් වැලඳුණු විට නොසන්සුන්වන්නකු ලෙස සිටියි.

:21

තවද ඔහුට යහපත වැලඳුණු විට (නොදී) රඳවා ගන්නකු ලෙස සිටියි.

:22

නමුත් සලාතය ඉටු කරන්නන් හැර.

:23

ඔවුන් වනාහි ඔවුන්ගේ සලාතයෙහි නිරතුරුවම නිරතවන්නන් වෙති.

:24

තවද ඔවුන් වනාහි ඔවුන්ගේ ධනයෙහි නියමිත කොටසක් ඇත.

:25

අයදින්නන්ට හා (අයදීමෙන්) වළක්වනු ලැබූවන්ට (කොටසක් ඇත.)

:26

තවද ඔවුන් වනාහි විනිශ්චය දිනය පිළිබඳ ව සත්‍යය කරති.

:27

තවද ඔවුන් වනාහි ඔවුන්ගේ පරමාධිපතිගේ දඬුවම පිළිබඳ ව බියෙන් සිටිති.

:28

නියත වශයෙන්ම ඔවුන්ගේ පරමාධිපතිගේ දඬුවම බිය නොවී සිටිය හැකි කරුණක් නොවේ.

:29

තවද ඔවුහු වනාහි ඔවුන්ගේ පතිවත සුරක්ෂා කර ගන්නෝ වෙති.

:30

නමුත් ඔවුන්ගේ බිරියන් හා ඔවුන්ගේ දකුණත් හිමි කර ගත් කාන්තාවන්ට හැර. ඒ හේතුවෙන් නියත වශයෙන්ම ඔවුන් දොස් නගනු ලබන්නන් නොවෙති.

:31

එහෙයින් කවරෙකු ඉන් ඔබ්බට (අයුතු ලෙස) සොයන්නේ ද එවිට ඔවුහුමය උල්ලංඝනය කරන්නෝ.

:32

තවද ඔවුහු (විශ්වාසවන්තයින්) ඔවුන් වෙත පැවරුණු විශ්වාසභාරය හා ඔවුන්ගේ ගිවිසුම් (නිසි අයුරින්) රකින්නන් වෙති.

:33

තවද ඔවුහු වනාහි ඔවුන්ගේ සාක්ෂි ගැන ස්ථාවර ව සිටින්නන් වෙති.

:34

තවද ඔවුහු වනාහි ඔවුන්ගේ සලාතයන් මත සුරක්ෂා (කර ඉටු) කරන්නෝ වෙති.

:35

ස්වර්ග උයන්හි සම්භාවනීය අය ඔවුහුමය.

:36

මෙම ප්‍රතික්ෂේප කළවුන්ට සිදුවී ඇත්තේ කුමක්ද? ඔවුන් නුඹ ඉදිරිටයට කඩිනමින් පැමිණෙති.

:37

දකුණු පැත්තෙන් හා වම් පැත්තෙන් කණ්ඩායම් වශයෙන් (පැමිණෙති).

:38

ඔවුන් අතුරින් සෑම කෙනෙකුම සුව පහසුකම් ඇති ස්වර්ග උයනට ඇතුළු කරනු ලැබීම ගැන ආශා කරන්නේ ද?

:39

එසේ නොවේ. ඔවුන් දන්නා දැයින් නියත වශයෙන්ම අපි ඔවුන් මැව්වෙමු.

:40

පෙරදිගවල් හා අපරදිගවල්හි පරමාධිපති මත දිවුරා පවසමි. නියත වශයෙන්ම අපි බලය දරන්නෝ වෙමු.

:41

(ඔවුන් වෙනුවට) ඔවුනට වඩා යහපත් අයවලුන් (ඔවුන් වෙනුවට) බිහි කිරීම කෙරෙහි හැකියාව ඇත්තන් වෙමු. මන්ද කිසිවෙකුට අප අබිබවා යාමට නොහැක..

:42

ඔවුනට ප්‍රතිඥා දෙනු ලැබූ ඔවුන්ගේ දිනය ඔවුන් හමු වන තුරු ඔවුන් ඔවුන් නිෂ්ඵල කතාවෙහි නිරත වීමට ද කෙළි ලොල් කිරීමට ද ඔවුනට ඉඩ දෙනු.

:43

පිළිම වෙත ඔවුන් වේගයෙන් දුවන්නාක් මෙන් ඉතා වේගයෙන් එදින මිනී වළවල් වලින් ඔවුහු බැහැර වෙති.

:44

ඔවුන්ගේ බැල්ම පහත් ව පවතී. අවමානය ඔවුන් වෙළා ගනු ඇත. ඔවුන් ප්‍රතිඥා දෙනු ලබමින් සිටි දිනය එය වේ.