104 - The Traducer - Al-Humazah
:1
දොස් නගමින් නින්දා බස් කියන අපහාස කරමින් කේළාම් කියන සෑම කෙනෙකුටම විනාශය අත් වේවා!
:2
ඔහු ධනය රැස් කොට එය ගණන් කරන්නෙක්ය.
:3
නියත වශයෙන්ම ඔහුගේ ධනය ඔහු ව සදාකල් ජීවත් කරනු ඇතැ යි ඔහු සිතයි.
:4
එසේ නොව සැබැවින්ම ඔහු හුතමාවෙ හි හෙළනු ලබයි.
:5
හුතමා ව යනු කුමක්දැ යි නුඹලා දැනුවත් කළේ කුමක්ද?
:6
එය අවුළනු ලැබූ අල්ලාහ්ගේ ගින්නය.
:7
එය සිත් මත එබිකම් කරයි.
:8
සැබැවින්ම එය ඔවුන් වට කර ගන්නකි.
:9
උස් කුලුනු තුළ (හිරකර).