සියලුම ඉස්ලාම් පුස්තකාලය

96 - The Clot - Al-`Alaq

:1

මැවූ නුඹගේ පරමාධිපතිගේ නාමයෙන් කියවනු.

:2

ඔහු මිනිසා ව ලේ කැටියෙන් මැව්වේය.

:3

අති ගෞරවනීය නුඹගේ පරමාධිපතිගේ නාමයෙන් කියවනු.

:4

ඔහු පන්හිඳෙන් (ලිවීමට) ඉගැන්වූයේය.

:5

ඔහු මිනිසාට තමන් නොදැන සිටි දෑ ඉගැන්වූයේය.

:6

නොඑසේය, නියත වශයෙන්ම මිනිසා සීමාව ඉක්මවා යන්නේය.

:7

තමන් ස්වාධීන යැයි ඔහු සිතන්නේය.

:8

නියත වශයෙන්ම නැවත හැරී යනුයේ නුඹගේ පරමාධිපති වෙතය.

:9

ඔහු ව වළක්වන අය ව නුඹ දුටුවෙහිද?

:10

ගැත්තා සලාතය ඉටු කරන විට,

:11

ඔහු යහමඟෙහි සිටීම නුඹ දුටුවෙහිද?

:12

නැතහොත් බිය බැතිමත්භාවය පිළිබඳ අණ කර සිටීම (නුඹ දුටුවෙහිද?)

:13

තවද ඔහු (සත්‍යය) බොරු කර පිටුපෑම නුඹ දුටුවෙහි ද?

:14

නියත වශයෙන්ම අල්ලාහ් දකින්නේ යැයි ඔහු නොදැන සිටියේද?

:15

නොඑසේය. ඔහු එයින් නොවැළකුණේ නම් අපි ඉදිරි නළල් කෙස් රොදින් (ඔහු ව) ඇදගෙන එන්නෙමු.

:16

එනම් වැරදි කරමින් ද බොරුකරමින් ද සිටි (ඔහුගේ) නළල් කෙස් රොදිනි.

:17

එබැවින් ඔහු ඔහුගේ කැඳවුම් කරුවන්(වන උදව්කරුවන්)ව කැඳවත්වා!

:18

මතුවට අපි ද අපගේ (නිරයේ භාරකාර මලක්වරුන් වන) zසබානියාවරුන් ව කැඳවන්නෙමු.

:19

නොඑසේය. නුඹ ඔහුට අවනත නොවනු. නුඹගේ (පරමාධිපතිට) සජදා කරනු. තවද ඔහුට සමීප වෙනු.