සියලුම ඉස්ලාම් පුස්තකාලය

44 - The Smoke - Ad-Dukhān

:1

හා මීම්

:2

පැහැදිලි දේව ග්‍රන්ථය මත දිවුරමින්

:3

නියත වශයෙන්ම භාග්‍යමත් රාත්‍රියක අපි එය පහළ කළෙමු. නියත වශයෙන්ම අපි අවවාද කරන්නන් වූයෙමු.

:4

එහි ප්‍රඥාවෙන් යුක්ත සෑම නියෝගයක්ම තීරණය කරනු ලබයි.

:5

(එය) අප අබියසින් වූ ආඥාවක් වශයෙනි. නියත වශයෙන්ම අපි (දහම් දූතයින්) එවන්නන් වූයෙමු.

:6

(එය) ඔබේ පරමාධිපතිගෙන් වූ ආශිර්වාදයක් වශයෙනි. නියත වශයෙන්ම ඔහු සර්ව ශ්‍රාවකය. සර්ව ඥානීය.

:7

නුඹලා තරයේ විශ්වාස කරන්නන් ලෙස සිටියෙහු නම් (දැන ගනු. ඔහු) අහස්හි හා මහපොළවේ ද ඒ දෙක අතර ඇති දෑහි ද පරමාධිපතිය.

:8

ඔහු හැර වෙනත් දෙවිඳෙකු නැත. ඔහු ජීවත් කරවයි. තවද මරණයට පත් කරයි. නුඹලාගේ පරමාධිපතිය. තවද නුඹලාගේ ප්‍රාරම්භක මුතුන් මිත්තන්ගේ ද පරමාධිපතිය.

:9

එසේ නොව ඔවුහු සැකයෙහි කෙළිදෙළෙන් ගත කරති.

:10

එහෙයින් පැහැදිලි ව පෙනෙන දුමාරයකින් යුතු ව අහස පැමිණෙන දිනය (නබිවරය) ඔබ බලාපෙරොත්තුවෙන් සිටිනු.

:11

එය මිනිසුන් ආවරණය කර ගනියි. මෙය වේදනීය දඬුවමකි.

:12

“අපගේ පරමාධිපතියාණෙනි! එම දඬුවම අපගෙන් ඉවත් කරනු මැනව! නියත වශයෙන්ම අපි විශ්වාස කරන්නෝ වෙමු.” (යැයි ඔවුන් පවසති.)

:13

ඔවුනට උපදෙස කෙසේ නම් වන්නේ ද? තවද සැබැවින්ම ඔවුන් වෙත පැහැදිලි දූතයකු පැමිණ ඇත.

:14

පසු ව ඔවුහු ඔහුගෙන් හැරී ගොස් “(අන් අය විසින් මොහු) පුහුණු කරනු ලැබූ තැනැත්තා; උම්මත්තකයෙකි” යැයි ඔවුහු පැවසූහ.

:15

නියත වශයෙන්ම අපි ස්වල්ප වශයෙන් දඬුවම ඉවත් කරන්නෝ වෙමු. (එවිට) නියත වශයෙන්ම නුඹලා නැවත හැරී යන්නෝය.

:16

දැඩි ග්‍රහණයකින් අප ග්‍රහණය කරන දින නියත වශයෙන්ම අපි දඬුවම් කරන්නෝ වෙමු.

:17

තවද ඔවුනට පෙර වූ ෆිර්අවුන්ගේ ජනයා අපි පරීක්ෂණයට ලක් කළෙමු. තවද ඔවුන් වෙත ගෞරවනීය දහම් දූතයකු පැමිණියේය.

:18

“අල්ලාහ්ගේ ගැත්තන් මා වෙත නුඹලා භාර කරනු. නියත වශයෙන්ම මම නුඹලා සඳහා වූ විශ්වාසනීය දහම් දූතයකු වෙමි” (යැයි ඔහු පැවසීය.)

:19

“තවද අල්ලාහ් වෙත නුඹලා හිතුවක්කාර නොවනු. නියත වශයෙන්ම මම නුඹලා වෙත පැහැදිලි සාධකයක් ගෙන ආවෙමි.”

:20

“තවද නුඹලා මා ගල් ගසා මැරීම සම්බන්ධයෙන් නියත වශයෙන්ම මම මාගේ පරමාධිපති වෙතින්ද, එමෙන්ම නුඹලාගේ පරමාධිපති වෙතින්ද, ආරක්ෂාව පතමි.”

:21

“තවද නුඹලා මා විශ්වාස නොකළේ නම් එවිට නුඹලා මගෙන් ඉවත් ව සිටිනු.”

:22

(ඔවුන් කලහකම් කළහ) එවිට ඔහු ‘නියත වශයෙන්ම මොවුහු අපරාධකාරී පිරිසක්’ යැයි ඔහුගේ පරමාධිපතිට අමතා සිටියේය.

:23

(ඔහුට මෙසේ පිළිතුරු ලැබුණි.) “එහෙයින් මාගේ ගැත්තන් සමඟ ඔබ රාත්‍රියේ ගමන් ගනු. නියත වශයෙන්ම නුඹලා ලුහුබඳිනු ලබන්නන්ය.”

:24

“මුහුද ඒ අයුරින්ම (පැළී විවර ව) තිබෙන්නට ඔබ හරිනු. නියත වශයෙන්ම ඔවුහු ගිල්වනු ලබන සේනාවකි.”

:25

ඔවුහු උයන් වතු හා දිය උල්පත් කොපමණක් අතහැර දමා ගියෝ ද?

:26

තවද කෙත්යායන් හා ගෞරවනීය ස්ථාන,

:27

තවද එහි සතුටු විඳින්නන් ලෙස සිටි සැප සම්පත් (අතහැර දමා ගියෝ ද?)

:28

එලෙසය ! තවද අපි වෙනත් පිරිසකට ඒවා උරුම කළෙමු.

:29

එවිට අහස හා මහපොළොව ඔවුන් ගැන කඳුළු සැළුවේ නැත. තවද ඔවුහු කල් දෙනු ලබන්නන් නොවූහ.

:30

තවද ඉස්රාඊල් දරුවන් නින්දිත දඬුවමින් සැබැවින්ම අපි මුදවා ගත්තෙමු.

:31

ෆිර්අවුන්ගෙන් (අපි මුදවා ගත්තෙමු). නියත වශයෙන්ම ඔහු සීමාව ඉක්මවා කටයුතු කරන්නන් අතුරින් උද්දච්ච ප්‍රධානියකු විය.

:32

(එකල විසූ) ලෝවැසියනට දැනුවත් ව සැබැවින්ම අපි ඔවුන් තෝරා ගත්තෙමු.

:33

තවද සංඥාවන් අපි ඔවුනට පිරිනැමුවෙමු. එහි පැහැදිලි පරීක්ෂණයක් විය.

:34

නියත වශයෙන්ම මොවුහු මෙසේ පවසති.

:35

“මෙය අපගේ මුල් මරණය මිස නැත. තවද අපි නැවත නැගිටුවනු ලබන්නන් නොවෙමු.”

:36

එසේ නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් අපගේ මුතුන් මිත්තන් නුඹලා නැවත ගෙන එනු.”

:37

ශ්‍රේෂ්ඨ වනුයේ ඔවුන් ද එසේ නැතහොත් තුබ්බඃ ජනයා හා ඔවුනට පෙර සිටියවුන් ද? අපි ඔවුන් විනාශ කළෙමු. නියත වශයෙන්ම ඔවුහු අපරාධකරුවන් වූහ.

:38

තවද අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද කෙළි ලොල් සඳහා අපි නොමැව්වෙමු.

:39

ඒ දෙක සත්‍යයෙන් යුතු ව මිස අපි නොමැව්වෙමු. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා (ඒ බව) නොදනිති.

:40

නියත වශයෙන්ම විනිශ්චය දිනය ඔවුන් සියලු දෙනාගේ නියමිත කාලයයි.

:41

එදින කිසිදු සගයෙකුගෙන් සගයෙකුට කිසිවකින් ප්‍රයෝජනවත් නොවනු ඇත. තවද ඔවුහු උදව් කරනු නොලබති.

:42

නමුත් අල්ලාහ් කරුණාව පෙන් වූ අය හැර. නියත වශයෙන්ම ඔහුමය සර්ව බලධාරී මහා කරුණාවන්ත වනුයේ.

:43

නියත වශයෙන්ම zසක්කූම් ගස වනාහි,

:44

පාපතරයින්ගේ ආහාරයයි.

:45

(එය) එය උණු කළ තඹ මෙන්ය. එය උදර තුළ උණුවෙමින් පවතින්නේය.

:46

ලෝ දිය උතුරන්නාක් මෙනි.

:47

(නිරයේ ආරක්ෂකයින් වන) නුඹලා ඔහු (අධර්මිෂ්ඨයා) හසු කරනු. පසු ව නුඹලා ඔහු නිරය මැදට ඇද ගෙන යනු.

:48

පසු ව ඔහුගේ හිසට ඉහළින් නුඹලා වේදනාව ඇති කරන ලෝ දිය වක් කරනු.

:49

ඔබ විඳිනු. නියත වශයෙන්ම ඔබ ගරුසරු ඇති බලධාරියෙකි.

:50

නියත වශයෙන්ම මෙය නුඹලා කවර දෙයක් පිළිබඳ සැක කරමින් සිටියෙහු ද එයයි (යැයි කියනු ලැබේ.)

:51

නියත වශයෙන්ම බිය බැතිමතුන් ආරක්ෂිත ස්ථානයක වෙති.

:52

උයන් වතු හා දිය උල්පත් අතරය.

:53

ඔවුහු සිනිඳු සේද හා ඝන සේද වලින් ඇඳ පැළඳ එකිනෙකා මුහුණලමින් සිටිති.

:54

එලෙසය. තවද අපි ඔවුනට නෙත් පිනවන කුමරියන් විවාහ කර දෙමු.

:55

ඔවුහු බියෙන් තොර වූවන් ලෙසින් සෑම පලතුරක්ම එහි පතති.

:56

මුල් මරණය හැර (වෙනත්) මරණයක් ඔවුහු එහි නොවිඳිති. තවද නිරා ගින්නේ දඬුවමින් ඔහු ඔවුන් ආරක්ෂා කර ඇත.

:57

(එය) ඔබේ පරමාධිපතිගේ භාග්‍යයක් ලෙසිනි. එයයි අතිමහත් ජයග්‍රහණය.

:58

එහෙයින් ඔවුන් උපදෙස් ලැබිය හැකි වනු පිණිස අපි එය ඔබේ දිවට පහසු කළෙමු.

:59

එහෙයින් ඔබ අපේක්ෂාවෙන් සිටිනු. නියත වශයෙන්ම ඔවුහු ද අපේක්ෂාවෙන් සිටින්නෝ වෙති.